අද අපේ කතාව වෙනස් සිංහමලේ එහෙමත් නැත්නම් සිංගිමලේ අපි කවුරුත් දන්න දුම්රිය උමඟයි.
මුල්කාලීනව මෙරට දිගම දුම්රිය උමඟ වුවද මැතකාලීනව ඉදිවූ බෙලිඅත්ත දුම්රිය උමඟ නිසා සිංගිමලේ දෙවනියා වුණා.
මෙම උමං මාර්ගය මීටර් 559 ක දිගකින් යුතුයි..
මෙහි පළල මීටර 5.5කී
බදුලු දුම්රියේ යද්දී මේ උමඟ පහුකරද්දි මේ ලිපිය කියවන ඔබත් දිගින් දිගට තරගෙට හූකියලා ඇති..
මෙම උමගෙ ඉතිහාසය ගැන කිව්වොත් මෙය නිර්මාණය වුණේ යටත් විජිත අධිරාජ්‍යවාදයෙ උවමනාවන් ඉටු කිරීම සදහායි.
ඉංග්‍රීසින් උඩරටින් ලබාගත් තම වෙළෙඳ භාණ්ඩ පහසුවෙන් කොළඹ වරාය වෙත ගෙනයන්නයි මේ උඩරට දුම්රිය මාර්ගය හැදුවේ.
එහි ප්‍රතිපලයක් නිස තමා මේ කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය හැදුවේ.
උඩරට දුම්රිය මාර්ගයේ හැටන්- කොටගල අතර තමා මේ සිංගිමලේ දුම්රිය උමඟ පිහිටලා තියෙන්නේ..
සිංහමලේ කදු පාමුල වූ පර්වත කඩා මෙම උමඟ ඉංග්‍රීසින් විසින් මෙරටට දායාද කරන ලද්දකි.
උමගෙහි එක් කෙළවරක සිට අනෙක් කෙළවර එක එල්ලේ නොපෙනේ.. මන්ද උමග මධ්‍යය වක්‍රාකාර වන හෙයිනි.
මෙම උමග සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීමත් ගිල්ෆර්ඩ් ලින්ඩ්සේ මොලෙස්වර්ත් විසිනි. (1865-1871) එය ඉදිකරන ලද්දේ එෆ්. ඩබ්. ෆාවියෙල් විසිනි.
1880 දී පිහිටුවන ලද පූල්බෑන්ක් තේ වතුයාය යටින් දිවෙන බැවින් මෙම උමගට පූල්බෑන්ක් උමග ලෙස නම් කරන ලදී.
පසුකාලිනව සිංහමලේ කන්ද හරහා යන නිසා සිංහමලේ එහෙමත් නැත්නම් සිංගිමලේ කියන නම වැටුනා..
ඒ නම වැටුනේ දමිල භාෂාවෙන් සිංහයාට - සිංගම්, කන්දට- මලයි ඒ අයුරින් තමා සිංහමලේ නම වැටුනේ
වර්තමානය වන විට ලංකාවේ දිගම දුම්රිය උමඟ පිහිටා ඇත්තේ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වේ. නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපල ආසන්නය දක්වා පිහිටි එම උමඟෙහි දිග ප්‍රමාණය මීටර් 615කි.









0 Comments